සනත් ජයසුරිය මහතාට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් චෝදනා

Share Button

ශ්‍රී ලංකා හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය මහතාට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය චෝදනා එල්ල කරයි. එම කවුන්සල්ෙය් දුෂණ මර්දන සංග්‍රහය කඩකළ බව එම චෝදනාවයි.

දුෂණ මර්දන සංග්‍රහය විසින් පවත්වන ලද කිසියම් විමර්ශනයකදී සහයෝගයෙන් කටයුතු කිරීමට ඔහු අපොහොසත්වීම හෝ ප්‍රතික්ෂේප කිරීම සහ එම විමර්ශනවලට බාධා කිරීම හෝ ඒවා ප්‍රමාද කිරීම ඔහුට ඇති චෝදනාවයි.  ඊට විරෝධතා ඇතිනම් දින 14ක් ඇතුළත ප්‍රතිචාර දැක්විය යුතු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය දැනුම් දී තිබේ.

සංචාරක බංග්ලාදේශ 19 න් පහල පිල සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහල පිල අතර පැවැත්වෙන ප්‍රථම සිව්දින ක්‍රිකට් තරගය කොළඹ එන් සී. සී ක්‍රිඩාංගනයේදී හෙට ආරම්භ වෙයි. කණ්ඩායම් දෙක අතර සිව්දින තරග දෙකක් . එක්දින තරග 5 ක් පැවැත්වේ. ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමේ නායකත්වය දරන්නේ නිපුන් ධනංජයයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *