ප්‍රංශයේ බටහිර ප්‍රදේශයට බලපෑ ගංවතුරෙන් පුද්ගලයෝ හය දෙනෙක් මිය යති

Share Button

ප්‍රංශයේ බටහිර ප්‍රදේශයට බලපෑ ගංවතුරෙන් පුද්ගලයෝ හය දෙනෙක් මිය යති. එරට බලධාරීන් පවසන්නේ මාස ගණනක වැසි පැය කිහිපයක් තුළදී ලැබුණු බවයි. මේ හේතුවෙන් ප්‍රදේශ රැසක මාර්ග අවහිරතා හටගෙන තිබේ.

එක් කාන්තාවක ඕඩ් ගංගාවේ ගසා ගෙන ගොස් ඇත. මේ අතර ඇමරිකාවේ ෆ්ලොරිඩා හි වෙරළබඩ ප්‍රදේශයට ඉකුත් සතියේ බලපෑ මයිකල් චන්ඩ මාරුතයෙන් පුද්ගලයන් රැසක් අතුරුදන් වී තිබේ.

මෙක්සිකෝ වෙරළතීරයේ සහ පනමා නගරයේ කඩාවැටුනු ගොඩනැගිලි වල අතුරුදන් වුවන් සෙවීමේ කටයුතු මේ වන විට සිදු කෙරේ. මේ වන විට මරණ 18 ක් වාර්තා වී ඇත.

එම සංඛ්‍යාව තවදුරත් ඉහළ යා හැකි බව බලධාරීහු පවසති. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අද එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *