අපේ රටේ අන්නාසි අපේ නමින්ම

Share Button

අපේ රටෙන් අපනයනය කෙරෙන අන්නාසි ‘Sri Lanka Pineapple’ යන වෙළදනාමයෙන් විදේශ වෙළදපොළට සැපයීම සදහා අවශ්‍ය පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ නිළධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

දැනට ලෝකයේ අන්නාසි වවන රටවල් අතරින් රසවත්ම අන්නාසි විදේශ වෙළඳපොලට සපයනු ලබන්නේ ශ්‍රි ලංකාවයි.

ශ්‍රි ලංකාවේ දේශගුණික සහ පසෙහි PH අගය අනුව අන්නාසිවල රසවත්භාවය සෙසු රටවල් අබිබවා පවතී.

එම නිසා බොහෝ රටවලින් ශ්‍රි ලංකාවේ අන්නාසි  සම්බන්ධයෙන් විශාල ඉල්ලුමක් තිබුණ ද, ඊට සාපේක්ෂව අන්නාසි සැපයීමට තරම් වගා කරන්නේ නැත.

එයට විසඳුමක් ලෙස අපනයනය ඉලක්ක කර ගනිමින් අන්නාසි අස්වැන්න වැඩි වශයෙන් ලබා ගැනීමට මොනරාගල මැල්ලවත්ත ප්‍රදේශයේ අක්කර 75ක අන්නාසි වගා කලාපයක් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ.

අපේ රටේ අන්නාසි වගා කරන ප්‍රදේශ ගත්විට ඉතා රසවත්ම අන්නාසි වාර්තා වන්නේ ද  මොනරාගල දිස්ත්‍රික්කයෙ න් බව ද  නිරීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *