දූෂිතයන්ට දඩුවම් පමුණුවද්දී එය විවේචනය කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට සාදාචාරාත්මක අයිතියක් නැහැ

Share Button

තම පාලන සමයේ දුෂණ වංචා හා සොරකම් සිදුකල පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරද්දි ඒ සම්බන්ධයෙන් විවේචන කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට කිසිඳු සදාචාරාත්මක අයිතියක් නැතැයි ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා කියයි.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ රාජපක්ෂ පාලන සමයේ දුෂණ වංචා හා සොරකම් පිළිබඳව හෙළදරව් කිරීමට හෝ නිදහසක් නොතිබූ බවයි. එම සමයේ සත්‍ය හෙළිකල මාධ්‍යවේදීන්ට තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවු ආකාරය ඔහු සිහිපත් කලේය.

වත්මන් රජය යටතේ ලැබී ඇති ප්‍රජාතන්ත්‍රවාදය හා මාධ්‍ය නිදහස අවභාවිත කරමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලනයක නිරතවන මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම සත්‍ය වසන් කිීරීමට උත්සාහ දරණ බව චමීර පෙරේරා මහතා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *