අතුරුදන් සෞදි අරාබි මාධ්‍යවේදියා ඝාතනය වූ බවට තොරතුරු

Share Button

අතුරුදන් සෞදි අරාබි මාධ්‍යවේදී ජමාල් කෂ්කාජි තුර්කියේ ස්ථම්බුල් නගරයේ පිහිටි සෞදි අරාබි කොන්සල් කාර්යාලයේදී ඝාතනය කළ බවට සාක්ෂි හමු වී ඇති බව තුර්කි බලධාරීන් උපුටා දක්වන විදෙස් මාධ්‍ය පවසයි. එහෙත් එම සාක්ෂි කවරේද යන්න පිළිබඳව තුර්කි බලධාරීන් හෙලි කර නැත.

මෙම විමර්ශණයේදී තුර්කි පොලීසිය විශේෂ උපකරණ යොදාගෙන ඇති අතර කොන්සල් කාර්යාලයේ බිම අතුරා ඇති ගල් සාම්පලද විශේෂඥ පරීක්ෂාවට යොමු කර ඇත. වත්මන් සෞදි පාලනාධිකාරිය දැඩි විවේචනයට ලක් කළ මාධ්‍යවේදියකු වූ ජමාල් කෂ්කාජි පසුගිය දෙවෙනිදා සිය අවශ්‍යතාවක් වෙනුවෙන් ස්ථම්බුල්හි සෞදි කොන්සල් කාර්යාලයට ගොස් ඇති අතර ඉන් පසු ඔහු ගැන කිසිදු තොරතුරක් වාර්තා වී නැත.

එහිදී ඔහු ඝාතනයට ලක්වූ බවට තොරතුරු විවිධ මාධ්‍ය ඔස්සේ පැතිර යන්නට විය. එම තොරතුරු සෞදි රජය විසින් ප්‍රතික්ෂේප කෙරිණි. කෙසේ වෙතත් කොන්සල් කාර්යාලයේදී ප්‍රශ්න කිරීම්වලට ලක්වූ මාධ්‍යවේදියා අනපේක්ෂිත ලෙසින් මරණයට පත්වූ බව පිලිගැනීමට සෞදි රජය සූදානම්වන බවට තොරතුරුද විදෙස් මාධ්‍ය පළ කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *