හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු නිදහස් කරයි

Share Button

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු වෙළඳ අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට  නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණය අද (17)  නියෝග කර තිබේ.

පැමිණිලි පාර්ශවයෙන් ඉදිරිපත් වූ පරස්පර විරෝධී සාක්ෂි හේතුවෙන් මෙම නඩුව තවත් ඉදිරියට ගෙන යාමට නොහැකි නිසා කුරුණෑගල මහාධිකරණය මෙම නියෝගය ලබා දුන් බව නඩුවේ විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රේමනාත් සී .දොලවත්ත මහතා පවසයි.

මාසයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි  ඔවුන්ට කුරුණෑගල සතොස ආයතනයට අයත් යන්තම්පලාව ශාඛාවේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණි.

 

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *