හෙරොයින් තොගයක් සමග හයිබ්‍රිඩ් සුද්දා පොලිස් අත්අඩංගුවට

Share Button

හෙරොයින් තොගයක් සමග සමීර රසාංග ගුණසේකර නොහොත් හයිබ්‍රිඩ් සුද්දා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අද අලුයම අත්අඩංගුවට ගත්තේය.

මෙම ජාවාරම පවත්වාගෙන යාමට ඔහු පාදුක්ක ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන තිබුණි. එහි සිටියදී අත්අඩංගුවට ගත් ඔහු සතුව තිබු කිලෝග්‍රූම් 1 යි ග්‍රූම් සියයක හෙරොයින් ද රුපියල් හත්ලක්ෂ පනස් දහසක් ද මෝටර් රථ 2 ක්ද පොලිස් අත්අඩගුවට ගෙන තිබේ.

හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 13 කට වැඩිය. මොහු මරණ දඩුවමට ලක්ව සිටින දෙමටගොඩ චමින්දගේ ගෝලයෙකි. පසුගිය මහ මැතිවරණ සමයේදී බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ දී වෙඩි තබා කාන්තාවක් සහ පුද්ගලයෙකු ඝාතනය කර තවත් 12 දෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු වන මොහු ඇප මත සිටී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *