වයඹ පළාතටත් සුවසැරිය ගිලන් රථ සේවය අද සිට

Share Button

1990 සුවසැරිය ගිලන් රථ සේවය වයඹ පළාතේ ද අද සිට ක්‍රියාත්මකයි. අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් කුලියාපිටිය නගරශාලාව අසලදී කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා වු සුවසැරිය සේවය ආරම්භ කිරිමට නියමිතයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවකට අනුව ඉන්දිය රජයේ සහයෝගය ඇතිව දිවයිනේ පළාත් කිහිපයක මෙම සේවය ක්‍රියාත්මක කෙරේ. මෙය ඉදිරියට තවත් දිස්ත්‍රික්ක සඳහා ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2016 වසරේ ජුලි 29 වැනිදා බස්නාහිර සහ දකුණු පළාත්වලින් ආරම්භ වු සුවසැරිය මේ වනවිට උතුරු පළාත . ඌව පළාත . උතුරුමැද පළාත දක්වා ව්‍යාප්ත කර තිබේ.

මේ දක්වා 1990 ට ලැබුණු දුරකතන ඇමතුම් හයලක්ෂ අනුනව දහස් නවසිය හැත්තැ නවයකට ක්ෂණිකව ප්‍රතිචාර දක්වා එක්ලක්ෂ පහලොස් දහසකට වැඩි වතාවක් ගිලන් රථ පිටත් කර යවා තිබේ. හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගින් ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් මෙමගින් රෝහල් කරා ගෙන ගොස් තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11