සජින් වාස් නඩුව ජනවාරි 22

Share Button

රජයට රුපියල් මිලියන 883 ක පාඩුවක් සිදු කළ බව ට චෝදනා එල්ල වී සිටින  මිහින් ලංකා ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහි නඩු විභාගය ජනවාරි 22වනදා යළි කැඳවන මෙන් කොළඹ මහධිකරණය නියෝග කර තිබේ. නඩුව කොළඹ මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ දී කැඳවනු ලැබීය.

අල්ලස් කොමිසම විසින් අල්ලස් පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇති බවට චෝදනා එල්ල කරමින් සජින් වාස් ගුණවර්ධන මහතාට නඩු පවරන ලද්දේ පසුගිය රජය සමයේ දී මිහින් ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරමින් මිහින් ලංකා සමාගමට ආම්පන්න මිලදී ගැනීමේ දී රුපියල් මිලියන 883 ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙනි.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් පෙන්වා දුන්නේ අල්ලස් කොමිසම විසින් එහි කොමසාරිස්වරුන්ගේ ලිඛිත අවසරයක් ඉදිරිපත් කිරීමකින් තොරව මෙම නඩුව ගොනුකර ඇති බවයි.

මෙහිදී නඩුව ජනවාරි මස 22වනදා කැඳවීමට නියම කළ අධිකරණය විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිබඳව එදිනට සලකා බලන බවද පැවසීය.

 

 

 

 

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *