අධ්‍යාපන පීඨාධිපතිවරුන්ට හා විදුහල්පතිවරුන්ට විදෙස් පුහුණුව .

Share Button

ධාරිතා සංවර්ධනය වෙනුවෙන් විශේෂ පුහුණුවක් සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන්හි පීඨාධිපතිවරුන් හා උප පීඨාධිපතිවරුන් 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හෙට (20)  චීනය බල යෑමට නියමිතය.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් එය සිදු කරන අතර අදාළ කණ්ඩායමේ පිරිස සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ  දී අද (19)  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් සිදු කෙරිණ.

 

අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ උපදෙස් මත පාසල් පද්ධතිය වඩාත් සාර්ථක හා කාර්යක්ෂමව පවත්වාගෙන යෑම පිණිස මෙම වැඩසටහන හා සමගාමී  විදුහල්පතිවරුන් සඳහා ජාත්‍යන්තර අත්දැකීම් ඇතුළත් කළමනාකරණය හා නායකත්ව සංවර්ධනය ඉලක්ක කරගත් ධාරිතා සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව විදුහල්පතිවරුන් විශාල පිරිසකට මේවන විටත් විදේශ පුහුණු අවස්ථා ලබා දී තිබේ. එළඹෙන ඔක්තෝම්බර් මස 21 වනදින මැලේසියාව බලා පිටත්වීමට නියමිතය.   අමාත්‍යවරයාගේ ප්‍රදානත්වයෙන් ඔවුන් සඳහා ද ටිකට්පත් ප්‍රදානය කෙරිණ.

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *