ශීෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු පිළීබඳව පැහැදිලි කිරීමක්

Share Button

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී කිසියම් සිසුවෙකු අදාළ කඩයිම් ලකුණට පහලින් ලකුණු ලබා ඇතිනම් ඔහු හෝ ඇය අසමත් ලෙස සැලකයුතු නැතැයි අධ්‍යාපන අමාත්‍යංශය අවධාරණය කරයි. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමේ ප්‍රධාන පරමාර්ථය අඩු ආදායම්ලාභි පවුල්වල දක්‍ෂ දරුවන්ට අධ්‍යාපන කටයුතු සදහා ශීෂ්‍යත්ව ලබාදීමත් ඉහළ සාධන මට්ටමක් සහිත දරුවන්ට වඩා පහසුකම් සහිත පාසල් ලබාදීමත් සදහා සිසුන් තෝරා ගැනීම බව අමාත්‍යංශය පෙන්වා දෙයි.

විභාගයේ කඩඉම් ලකුණ තීරණය වන්නේ සිසුන්ට ලබාදෙන ශීෂ්‍යත්ව සංඛ්‍යාව මතය. වාර්ෂිකව අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් 15 දහසකට ශිෂ්‍යත්ව ලබාදීම සදහා කඩඉම් ලකුණ තීරණය කරනු ලැබේ. එහිදී දුෂ්කර නොවන දිස්ත්‍රික්ක 9 ක් සදහා මාධ්‍ය අනුවද දුෂ්කර දිස්ත්‍රික්ක 16 ක් සදහා මාධ්‍ය හා සිසුන්ගේ ව්‍යාප්තිය අනුවද ශීෂ්‍යත්ව සංඛ්‍යාව තීරණය වේ.

ඒ අනුව කඩඉම් ලකුණද වෙනස් වන බව අමාත්‍යංශය පවසය. එබැවින් කඩඉම් ලකුණට පහලින් ලකුණු ලබා ඇති සිසුන් අසමත් ලෙස කිසිසේත්ම නොසලකන බව අමත්‍යංශය අවදාරණය කර සිටී. ඒ අනුව එක් ප්‍රශ්න පත්‍රයකට ලකුණු 35 ක් හෝ ඊට වැඩියෙන් ලබාගෙන ලකුණු 70 ක් හෝ ඊට ඉහළ ලකූණු ලබාගත් සිසුන් විභාගය සමත් වශයෙන් සලකා සහතික පත්‍රයක් නිකුත් කිරීමට 2016 වසරේ සිට අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *