මාධ්‍යවේදී ජමාල් කෂෝගි මියගිය බව සෞදි අරාබිය ප්‍රථම වරට පිළිගනී

Share Button

මාධ්‍යවේදී ජමාල් කෂෝගි මරණයට පත් වුයේ ඉස්තාන්බුල් නගරයේ සෞදි අරාබි කොන්සල් කාර්යාලය තුල හටගත් ගැටුමකදී බව සෞදි රජය කියයි. සිද්ධිය පිළිබඳ මුලික පරීක්ෂණවල දී ඒ බව හෙලිවී ඇතැයි එරට රාජ්‍ය රූපවාහිනිය අද නිවේදනය කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් සෞදි අරාබියේ නියෝජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා හා මොහොමඩ් බින් සලමන් කුමරුගේ උපදේශකයෙකු තනතුරින් පහ කළ බවද එම නිවේදනයේ සදහන් විය. සිදු වුයේ කුමක් වුවත් එය අනුමත කළ නොහැකි බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කියයි. මාධ්‍යවේදී ජමාල් කෂෝගි මියගිය බව සෞදි අරාබිය පිළිගත් ප්‍රථම අවස්ථාව මෙයයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-02 | 14:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,643
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 809
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 84
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 823
මරණ සංඛ්‍යාව - 11