වී අලෙවි මණ්ඩලයෙන් ලබන මාසයේ සිට වෙලෙදපොලට සහල්

Share Button

වී අලෙවි මණ්ඩලය මිලදී ගන්නා වී සහල් බවට පත් කර වෙලෙදපොලට නිකුත් කිරීමේ වැඩපිළිවෙල ලබන මාසයේ සිට ආරම්භ කරන්නැයි ඇමති මහින්ද අමරවීර මහතා මණ්ඩලයේ සභාපති නීතිඥ උපාලි මොහොට්ටි මහතාට උපදෙස් දී තිබේ. ඒ අනුව පී එම් බි රයිස් වෙලෙද නාමය යටතේ සකස් කළ කිලෝග්‍රූම් පහ සහ දහය ඇසුරුම් සතොස ඇතුඵ වෙලෙදසල් වෙත නිකුත් කෙරේ.

වෙලෙදපොලේ සහල් මිල ඉහල යාම පාලනය කරමින් පාරිභෝගික ජනතාවට සහන සැලසීම සදහා වී අලෙවි මණ්ඩලය ප්‍රථම වරට මේ ආකාරයෙන් සහල් වෙලෙදපොලට නිකුත් කරන බව මහින්ද අමරවීර ඇමතිවරයා කියයි.

කෘෂිකර්ම ඇමතිවරයා ප්‍රසිද්ධ සහල් සැකසුම් ව්‍යාපාරිකයන් සමග පසුගියදා පැවැත්වු සාකච්ඡාවක දී තමන් වෙලෙදපොලට සපයන සහල්වලින් කිලෝග්‍රූම් එකක මිල රුපියල් 10 කින් අඩු කිරීමට එම ව්‍යාපාරිකයෝ එකග වුහ. ලබන වසරේ සිට සහල් සදහා පාලන මිලක් නියම කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබෙ. ජීවන වියදම් කමිටුවට ඒ සදහා නිර්දේශ ඉදිරිපත් කරන බව මහින්ද අමරවීර ඇමතිවරයා කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *