ජමාල් කෆෝගී ඝාතනය පිළිබඳව තුර්කි ජනපතිගෙන් හෙට ප්‍රකාශයක්

Share Button

සෞදි අරාබි ජාතික මාධ්‍යවේදී ජමාල් කෆෝගී ඝාතනය සම්බන්ධයෙන් හෙට දිනයේදී ප්‍රකාශයක් සිදු කිරීමට තුර්කි ජනාධිපති රෙජෙප් ටයිප් එර්දගොන් අපේක්ෂා කරයි. එරට පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් සමග හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත සාකච්ඡාවකදී ඔහු මෙම ප්‍රකාශය කිරීමට නියමිතයි.. තුර්කියේ ස්තම්බුල්හි පිහිටි සෞදි කොන්සල් කාර්යාලයේදී ඇති වූ ගැටුමකින් මෙම මාධ්‍යවේදියා මිය ගිය බව සෞදි රජය පසුගියදා දැනුම් දුන්නේය. මරණය සම්බන්ධයෙන් සැක පිට 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඊට අමතරව සෞදි බුද්ධි අංශයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකුගේ වැඩ තහනම් කිරීමටද රජය විසින් පියවර ගැනිණි.

තලේබාන් කැරලිකරුවන් විසින් පසුගිය සතියේදී ඇෆ්ගනිස්ථානයේදී එල්ල කරන ලද ප්‍රහාරයෙන් ඇමරිකානු එක්සත් ජනදපද යුද හමුදාවේ ජෙනරාල් ජෙෆ්රි ස්මායිලි තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඔහු තුවාල ලබා ඇත්තේ කන්දහාර් පළාත් ආණ්ඩුකාර කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයකිනි. මේ වන විට ජෙනරාල්වරයාගේ තත්ත්වය සුව අතට පත්වෙමින් පවතී.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි ටික්‍රි නගරය ආශ්‍රිත ප්‍රදේශයකදී වඳුරන් රංචුවක් එල්ල කළ ගල් ප්‍රහාරයකින් පුද්ගලයකු මරණයට පත්වෙයි. මෙලෙස මරණයට පත්ව ඇත්තේ හැත්තෑ දෙහැවිරි වියේ පසුවන අයෙකි. අසල පිහිටි අතහැර දමන ලද ගොඩනැගිල්ලක ගඩොල් කැට ගස් මතට ගෙන ගොස් ඇති වඳුරන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව එරට පොලීසිය පවසයි.. ප්‍රහාරයෙන් හිසට සහ පපුවට සිදුවූ තුවාල හේතුවෙන් ඔහු මරණයට පත්ව තිබේ. සිය ලොරි රථය පැදවීම වඳුරෙකුට බාර කළ රියදුරෙකුට ගකියාව අහිමි වූ පුවතක්ද මීට පෙර ඉන්දියාවෙන් වාර්තා විය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *