විදුල ළමා ගුවන් විදුලියේ රටට පිපෙන මල් ප්‍රසංගය අද

Share Button

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විදුල ළමා ගුවන් විදුලියේ ළමා ගායන හා වාදන ශිල්පීන් ඉදිරිපත් කරන රටට පිපෙන මල් සුභාවිත ගී ප්‍රසංගය අද පෙරවරු 9.30 ට මතුගම ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේදී පැවැත්වෙයි. මෙම අවස්ථාවට මතුගම අධ්‍යාපන කලාපයේ සිසු දරු දැරියෝ දෙදහසකට ආසන්න ප්‍රමාණයක් සහභාගී වෙති. සෑම ළමා ගීතයක්ම කොළඹ ආනන්ද විද්‍යාලයේ ආචාර්ය සරත් චන්දිම වත්තෙවැව මහතාගේ විචාරයක් සමග ඉදිරිපත් කෙරේ. ගුවන් විදුලි ළමා ගීතයෙන් දරුවන්ගේ නැණ ගුණදම් වර්ධනයට සිදුවු මෙහෙය පිළීබඳ දේශනයක් ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි මහතා පවත්වයි. බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශ. මතුගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ විදුල ළමා ගුවන් විදුලිය එක්ව වැඩසටහන සංවිධාන කරයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *