අධිකරණ ස්වාධීනත්වය රකිනවා – නව අගවිනිසුරු කියයි

Share Button

අධිකරණ කටයුතු සම්බන්ධයෙන් මහජනයා අධිකරණ සේවා කොමිසම වෙත ඉරිපත් කරන ගැටළු සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව නව අගවිනිසුරු නලින් පෙරේරා මහතා පවසයි.

අද (22) කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ පැවති නව අගවිනිසුරුවරයා  පිළිගැනීමේ  උත්සවයේ දී නලින් පෙරේරා මහතා මේබව ප්‍රකාශ කළේය.

තමන් විසින් අධිකරණයේ ස්වාධීනත්වය හා ජනතා  විශ්වාසය තහවුරු කිරීම වෙනුවෙන් සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශ කළ නව අගවිනිසුරුවරයා අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය ඇතිවීමට එහි අපක්ෂාපාතීභාවය තහවුරු කිරීම ඉතාමත් වැදගත්බව පෙන්වා දුන්නේය. මෙහිදී අධිකරණ ක්‍රියාදාමය පිළිබඳව ජනතාවද අවධානයකින් පසුවිය යුතුය.

මෙහිදී අධිකරණ පද්ධතියේ පහළ මට්ටමක  සිට ඉහළ මට්ටම දක්වා තනතුරු නියෝජනය කළ තමන් වැනි පුද්ගලයෙකු අගවිනිසුරු ධූරයට පත් කිරීම පිළිබඳව  අගවිනිසුරුතුමන් විසින් ජනාධිපතිතුමා වෙත සිය ස්තූතිය පළකළේය.

උපරිමාධිකරණයේ විශේෂ අධිකරණ ශාලාවේ මෙම පිළිගැනීමේ උත්සවය පැවැත්විණි.  එහිදී නව අගවිනිසුරු නලින් පෙරේරා මහතා පිළිගනිමින් නීතිපති හා ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ .ආර්. ද සිල්වා යන මහත්වරුන් කතා පවත්වන ලදියි.

මෙම පිළිගැනීමේ චාරිත්‍රානුකූල උත්සවය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ,අභියාචනාධිකරණය, කොළඹ මහාධිකරණය, කොළඹ සිවිල් අභියාචනා මහාධිකරණය, කොළඹ වාණිජ මහාධිකරණය සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මෙන්ම කොළඹ දිසා අධිකරණය නියෝජනය කරන සියලුම විනිසුරුවරුන් මෙන්ම ජනාධිපති නීතිඥවරු ඇතුළු නීතිඥවරු විශාල පිරිසක් ද  සහභාගි වී සිටියහ.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *