‘‘පුතු සෙනේ මස් නහර හම සිඳ, ඇට සොයා ගොස් ඇට තුළට වැඳ, ඇට මිදුලූ තුළ රදා සිට, දුක් දෙයි නිබන්දා’’

Share Button

සරච්චන්ද්‍රයන්ගේ පිතු සෙනෙහෙන් ලයනල් වෙන්ඞ්ට් රඟහල මුසපත් විය. තම දරුවන් කෙරෙහි දෙමාපියන් තුළ අසීමාන්තික ආදරයක් ඇත. එහෙත් දරුවන් වැඩිවිය පැමිණි පසු තම දෙමාපියන් පිළිබඳ ඇති වන සෙනෙහස ඊට හාත් පසින්ම වෙනස් වුවක් බව නිතර දෙවෙලේ අසන්ට ලැබෙන පුවත් වාර්තා හරහා පෙනී යයි. රටේ සමස්ත ජන ගහණයෙන් 12% පමණ වැඩිහිටි කුලකයට අයත්ය. අවම ආර්ථික පරිසයක් තුළ වියපත් වන අප රටේ ජනගහනය සමාජයට මෙන්ම ආර්ථිකයටද බළපෑමක් බවට පත්ව ඇත.

වැඩිහිටි ජනගහනයේ වර්ධනය සමඟ මතු වන ඇතැම් ගැටලූකාරී තත්ත්වයන් හේතුවෙන් දරුවන් තම මහළු මව්පියන් අතහැර දමා යාම සුලභව දැකිය හැකිය. ඊට ආසන්නතම සිදුවීම පසුගිය දිනෙක ඇඹිලිපිටිය කුඹුගොඩආර ප‍්‍රදේශයෙන් වාර්තා විය. මෙලෙස දරුවන් විසින් අතහැර දමා ගොස් සිටි 63 හැවිදිරි දෙදරු මවක් ඉතා අපිරිසිදු අනාරක්ෂිත කාමරයක් තුළ නිරුවතින් සිටියදී සොයා ගෙන ඇත. මෙම කාන්තාවගේ වැඩැමල් පුත‍්‍රයා විදෙස් රටක වාසය කරයි. අනෙක් දියණිය වැල්ලවාය ප‍්‍රදේශයේ පදිංචිව සිටියි. දරුවන් දෙදෙනාගේම රුකවරණය අහිමි වු ඇයට අසල්වාසී කාන්තාවක් විසින් ආහාර ලබා දෙන බව ගම්වාසීන් පවසයි.මේ වන විට ඇවිදීමට පවා නොහැකි තත්ත්වයක පසුවන මෙම මව වැසිකිලි යාම මෙන්ම නිදා ගැනීමද සිදු කරන්නේ එම ස්ථානයේ ම වීම කණගාටුවට කරුණකි.

තම දරුවන් උස් මහත් කිරීමට දිවා ? නොබලා වෙහෙසෙන දෙමාපියන්ට අවසානයේ මුහුණ දීමට සිදුවන ඛේදවාචක දිනෙන් මෙලෙස වාර්තා වන විට සිංහබාහු නාට්‍ය තුළ සරච්චන්ද්‍රයන් පවසන සදාතනික සත්‍යය නැවත සමාජය තුළ දෝංකාර දීමට පටන් ගෙන ඇති බව හැගී යයි.

‘‘ පුතු සෙනේ පිතු හද තුළම මිස
නැත පුතුන් හද තුළ රදන්නේ. ’’

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *