නාලක ද සිල්වා ලබන මස 07 වැනිදා දක්වා රක්‍ෂීත බන්ධනාගාරයට

Share Button

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන මස 07 වැනිදා දක්වා රක්‍ෂීත බන්ධනාගාරගත කෙරේ.

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රනයක් සම්බන්ධයෙන් අපරාධ පරිීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබු නාලක ද සිල්වා මහතා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වෙත ඊයේ රාත්‍රියේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළාය.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාර කටයුතු කළ නාලක ද සිල්වා මහතාට රක්‍ෂිත බන්ධනාගාරය තුළදි දැඩි ආරක්‍ෂාවක් ලබාදෙන ලෙසත් ඔහුට ඇති රෝගි තතත්වයන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙසත් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිීඥවරු අධිකරණයෙන් ඉල්ලීමක් කළහ.

එම ඉල්ලීම සලකා බැලු මහේස්ත්‍රාත්වරිය ඔහුට ආරක්‍ෂාව සපයන ලෙසත් අධිකරණ වෛද්‍ය නිලධාරීයා වෙත යොමු කරන ලෙසත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝග කළාය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් නාලක සිල්වා මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ 5 වන දිනටත් ප්‍රකාශ ලබාදීමට එම දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *