පාර්ලිමේන්තුව ලබන මස 16 වැනිදා දක්වා කල් තැබේ

Share Button

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව අද මධ්‍යහ්න 1200 සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා එම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. පාර්ලිමේන්තු සැසිවාරය යළි ආරම්භ වන්නේ ලබන මස 16 වැනිදා පෙරවරු 1000 ටයි.

නව රජය පිහිටුවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රචාර ගෙන ගියද නව අගමැතිවරයාගේ පත්කිරීම මුඵමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුල බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පිරීස් මහතා පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් කිසිසේත්ම සිදුවී නැත. පත් කිරීමක් හෝ ඉවත් කිරීමක් සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පුර්ණ බලතල පැවරී තිබේ. අයවැය වෙනුවට අතුරු සම්මත ගිණුමක් ලබන මස 16 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද මහාචාර්ය ජී. එල්. පිරිස් මහතා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *