ඛනිජ තෙල් නිතීගත සංස්ථා වෘත්තීය සමිති දැඩි තීරණයක

Share Button

ඛණිජ තෙල් නිතීගත සංස්ථා පරිශ්‍රයේ ඊයේ (28) සිදු කළ වෙඩි තැබීම හා පුද්ගලයෙකු ඝාතනය වීමේ සිද්ධිය පාදක කර ගනිමින්  ඛණිජ තෙල් වෘත්තිය සමිති වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

ඒ හේතුවෙන්  මේ වන විට දිවයින පුරා ඉන්ධන බෙදා හැරීම් කටයුතු නවතා දමා ඇති බව ඛණිජ තෙල් සංස්ථාවේ නිදහස් සේවක සංගමය පවසයි.

ඊයේ රාත්‍රීයේ සිට තෙල් බෙදාහැරීම නවතා දමා ඇති අතර සපුගස්කන්ද තෙල් පිරිපහදු කටයුතු පමණක් මේ වන විට සිදු කෙරෙන බව එම සංගමයේ උප සභාපති ප්‍රේමරත්න ගමගේ මහතා සඳහන් කළේය.

මෙම වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අර්ජුණ රණතුංග මහතා ගේ  ආරක්ෂක නිළධාරියා මේ වන විට අත් අඩංගුවට ගත්ත ද  හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුණ රණතුංග මහතා අත් අඩංගුවට ගන්නා ලෙස වෘත්තිය සමිති සේවකයින් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරති.

ඉදිරියේදී සිය ඉල්ලීම් කෙරෙහි බලධාරීන් ප්‍රතිචාර නොදැක්වුවහොත් මේ වන විට සිදු කෙරෙන කටයුතු වලින් ද ඉවත් විමටත්  ඔවුන් තීරණය කර ඇත.

මෙම තත්ත්වය මත ඉදිරියේදී දිවයින පුරා ඉන්ධන හල්වල ඉන්ධන හිඟයක් ඇති වීමක් සිදුවිය හැකි බවත් දැනට ඉන්ධන හල්වල ගබඩා කර ඇති ඉන්ධන පමණක් ජනතාවට නිකුත් කෙරෙන බවත් සේවක සංගමයේ උප සභාපතිවරයා වැඩි දුරටත් පෙන්වා දෙයි.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *