මත්තේගොඩ බැංකු කොල්ලයේ සැකකරුවෝ අත්අඩංගුවට

Share Button

මත්තේගොඩ බැංකු කොල්ලයේ සැකකරුවෝ අත්අඩංගුවට ගැනෙති. පාදුක්කේ වේරගල ඩිලාන් නලින්ද සඳරුවන් . ඉහලබෝපේ සම්පත් ඉන්දික කුමාර සහ පොතුවිල් හි පානම සෙල්වරාජා ප්‍රභු මුර්ති එම සැකකරුවෝ වෙති. බැංකුවෙන් කොල්ලකන ලද රුපියල් අනුතුන් ලක්ෂයකට ආසන්න මුදල් සහ ලක්ෂ 493 කට ආසන්න වටිනාකමක් ඇති රන් භාණ්ඩ එක් සැකකරුගේ නිවස පිටුපස වළ දමා තිබී සොයා ගත් බව පොලීසිය කියයි.

කොල්ලකෑම සිදු කළ අවස්ථාවේ ද ීඑම මහජන බැංකු ශාඛාවේ සී සී ටී වී කැමරා දත්ත ගබඩා ඒකකය කොල්ලකරුවන් විසින් රැගෙන ගොස් ඇත. එක් සැකකරුවෙකුගේ ඥාති සොහොයුරෙකු එම ඒකකය හංවැල්ල පරණ පාර ප්‍රදේශයේ දී කැලනි ගගට දමා ඇති බව අනාවරණ විය.

එම පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන එම ඒකකය සෙවීමට කණ්ඩායමක් යවා තිබේ. ගල්කිස්ස කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් සැකකරුවන් ඔවුන්ගේ නිවෙස්වල දීම අත්අඩංගුවට ගනු ලැබුහ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-03 | 18:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,710
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 863
නව රෝගීන් සංඛ්‍යාව - 27
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 66
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 836
මරණ සංඛ්‍යාව - 11