නව අගමැති ගැන සුබ්‍රමනියම් සතුට පළ කරයි

Share Button

ඉන්දීය බී.ජේ.පී පක්ෂයේ රාජ්‍ය සභා පාර්ලිමේන්තු මන්ත්‍රී සුබුමනියම් ස්වාමි මහතා ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය හා නව අගමැතිවරයා පිළිබඳව ඉන්දීය මාධ්‍ය වෙත සිය අදහස් පළ කර තිබිණ.

තමන් දීර්ඝ කාලයක සිට මහින්ද රාජපක්ෂ මහතා හඳුනන බවත් , ශ්‍රී ලංකාවේ පැවති එල්.ටී.ටී.ඊ  සටන් සමයේ දී මහින්ද රාජපක්ෂ මහතා දිල්ලියේ කළ සංචාරය තුළ තමා ලබා දුන් ආරක්ෂාව හා සහයෝගය  වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා තමන්ට සිය ස්තූතිය පුද කළ බවත් පැවසීය .

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්වීමත් සමඟ සුබ්‍රමනියම් මහතා සහ ශ්‍රී ලංකාවේ  අග්‍රාමාත්‍යවරයා අතර දුරකතන සංවාදයක් පවත්වා තිබේ.

එහිදී  තමන් නුදුරු දිනයකදී ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් එහිදී දෙමළ ජනතාව නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය කිරීමට සහය ලබා දීමට  තමන් අදහස් කරන බවද සුබ්‍රමනියම් මහතා රාජපක්ෂ මහතාට දැනුම් දී තිබේ.  සුබ්‍රමනියම් මහතාගේ අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීම පිළිබඳව අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සිය ප්‍රසංශාව පළ කර තිබේ.

 

 

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *