අගමැති පත් කිරීම ගැන ප්‍රකාශයක් කරන්න බැහැ – නීතිපති
නීතිපතිවරයාගේ භුමිකාවට අනුකූලව නව අග්‍රාමාත්‍ය ධූරය හා රජයේ ඇති වු වෙනස පිළිබඳව ප්‍රකාශයක් සිදු කළ නොහැකි බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා පවසයි.
මේ පිළිබඳව අදහසක් පළ කිරීම යෝග්‍ය නොවන බව පෙන්වා දෙන නීතිපතිවරයා පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීතිපතිවරයාගේ භූමිකාවට යටත්ව මතයක් ප්‍රකාශ කිරීමට තමන්ට නොහැකි බවයි. .
කථානායක කරු ජයසූරිය මහතා විසින් 2018.10.27 දින නීතිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් රජයේ වෙනස් වීම හා නව අගමැති පත්වීමේ නීත්‍යානුකූලභාවය පිළිබඳව විමසා සිටින ලදියි.
ඊට පිළිතුරු ලබා දෙමින් 2018.10.30 දින කථානායක කරු ජයසූරිය මහතා වෙත ලිපියක් යොමු කරමින් නීතිපතිවරයා විසින් මේ බව පවසා තිබේ.