ජනාධිපතිගේ තීරණ විවේචනය නොකළ යුතුයි

Share Button

අගමැති ලෙසින් මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට ජනාධිපතිතුමන් ගත් තීරණය විවේචනය කිරීමට ඇතැම් දේශපාලඥයන් කටයුතු කිරීම දේශපාලන සංස්කෘතියේ බිඳ වැටීම පිලිබිඹු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස මහතා පෙන්වා දෙයි.

කොළඹ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකදී රෝහණ ලක්ෂමන් පියදාස මහතා මේ බව පැවසීය.

අදහස් ප්‍රකාශ කිරීමට ඇති නිදහස “ වල් බූරු නිදහසක් බවට පත් කර ගනිමින්“ ඇතැම් දේශපාලඥයන් ජනාධිපතිතුමාගේ තීරණයට විරුද්ධව අදහස් පළ කිරීම තුළින් දේශපාලන සංස්කෘතියේ බිඳවැටීම පෙන්නුම් කරන බව සඳහන් කළ නිදහස් පක්ෂ මහලේකම්වරයා ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශ අවිනීත හා ආචාර ධර්ම විරෝධීබව සඳහන් කළේය.

එමෙන්ම ඊයේ (30) එක්සත් ජාතික පක්ෂය පැවත්වු විරෝධතාවය පිළිබඳව අදහස් පළ කළ පක්ෂ මහලේකම්වරයා ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූලව එවැනි උද්ඝෝෂණ පැවැත්වීමට හැකියාව ඇති බවද පෙන්වා දුන්නේය.

නමුත් ඊට පිළිතුරු ලෙසින් ජනාධිපතිවරයා දෑත දිගු කරමින් ජාතිය ගොඩනැඟීමට එක්වන ලෙස  සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කළ බවද පෙන්වා දුන්නේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-31 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,620
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 829
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 55
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 781
මරණ සංඛ්‍යාව - 10