එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත ජනපති හමුවෙයි

Share Button

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හානා සිංගර් මහත්මිය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක්  අද (31) ජනාධිපති කාර්යාලයේ දී පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මෙහිදී ජනාධිපතිවරයා විසින් රජයේ සියලු කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදුකර ඇති බව හානා සිංගර් මහත්මියට පැහැදිලි කරන ලදියි.

එමෙන්ම මෙහිදී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලනික තත්ත්වය පිළිබඳව ද එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය දැනුවත් කිරීමට ජනාධිපතිතුමා  පියවර ගත්තේය.

රටේ නීතිය හා සාමය ආරක්ෂා කරමින් තමන් ප්‍රජාතන්තුවාදී ව්‍යුහය තුළ කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිතුමන් විසින් වැඩිදුරටත් සඳහන් කරන ලදියි.

එමෙන්ම ජනාධිපතිතුමා එක්සත් ජාතින්ගේ සංවිධානය ශ‍්‍රී ලංකාවට සෑම අවස්ථාවකම ලබා දෙන සහය ඇගැයීමට ලක් කළේ ය.
මෙහි දී අදහස් දැක්වූ හානා සිංගර් මහත්මිය සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියට ද ශ‍්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට සූදානම් බවයි.

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *