වනජීවී ඇමති හා නි. ඇමතිත් වැඩ බාරගනියි
වසන්ත සේනානායක මහතා සංචාරක හා වනජීවී අමාත්‍යවරයා ලෙසින් එම ධූරයේ වැඩ බාරගෙන තිබේ.
වනජීවී අමාත්‍යාංශයේ දී අමාත්‍යවරයා වැඩ බාර ගත් අතර වනජීවී නියෝජ්‍ය ඇමති ආනන්ද අලුත්ගමගේ මහතා ද එහිදී සිය ධූරයේ වැඩ බාරගෙන තිබේ.
තව දුරටත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙසින් කටයුතු කරන බව පැවසූ අමාත්‍ය වසන්ත සේනානාමක මහතා රට තුළ වෙනසක් ඇති කිරීමට හැකිය යන බලාපොරොත්තුවෙන් වත්මන් රජයට සහය පළ කරන බවද පැවසීය.
වසන්ත සේනානායක මහතා හා ආනන්ද අලුත්ගමගේ යන අමාත්‍යවරුන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් වු අතර වත්මන් රජය පත්විමත් සමඟ ඔවුන් සිය සහය වත්මන් රජයට ලබා දීමට තීරණය කර කළේය.