කොළඹ -තලෙයිමන්නාරම දුම්රිය සේවා යලි හෙට සිට
කොළඹ කොටුව සහ තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවනය යලි ආරම්භ කිරිම කෙරෙහි අවධානය යොමු කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත පෙරේරා පවසයි . මැදවච්චිය මන්නාරම දුම්රිය ස්ථාන අතර පාලමේ ඉදිකිරිම් මේ වනවිට අවසන් වී තිබෙ.් .
හෙට එම මාර්ගයේ සිදුකරන නිරික්ෂණ චාරිකාවෙන් පසු හෙට පස්වරුවේ සිට දුම්රිය ධාවනය ආරම්භ කරන බව ද සාමාන්‍යාධිකාරිවරයා කියයි. මන්නාාරම සහ මුරුන්කන් අතර පැරණි දුම්රිය පාලමේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මාස දෙකහමාරක කාලයක් එම මාර්ගයේ දුම්ිරිය ධාවනය අත්හිටුවා තිබුණි.
ඉන්දියානු දුම්රිය සමාගමක් වන හිරිකෝන් ආයතනය එම පැරණි පාලම ඉවත් කර අලුතෙන් පාලමක් ඉදි කළේය .අදාල සමාගම හෙට එය දුම්රිය දෙපාර්තමේන්තුවට භාරදිමට නියමිතයි.