නව අගමැතිවරයා පත්කිරීම ව්‍යවස්ථානුකුලයි

Share Button

නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පත් කිරිම ව්‍යවස්ථානුකුල බව විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරු පවසති . කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදි කැළණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පුජ්‍ය ආචාර්ය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති ස්වාමින් වහන්සේ පැවසුවේ පැවති රජය ජාතික අභිලාෂ පසෙකලා බෙදුම්වාදින්ගේ අවශ්‍යතාව අනුව ක්‍රියා කළ බවයි

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් මහතා මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන ලෙස මේ වනවිට දේශිය හා විදේශිය වශයෙන් විශාල හඩක් නැගෙමින් පවතින බව පෙන්වා දුන්නේය බ්‍රිතාන්‍ය යුරෝපා හවුල සම්බන්ධ කරගනිමින් ව්‍යවස්ථානුකුල ක්‍රියා කළ යුතු බවට මතයක් ද රටතුල ගොඩ නැගෙමින් පවති.

2015 ජනවාරි 09 වැනිදා එවකට බලයේ සිට අගමැතිවරයා හා අගවිනිසුරුවරයා ඉවත් කළ අවස්ථාවේ මේ ආකාරයෙන් ව්‍යවස්ථානුකුලව කටයුතු කරන ලෙස හඩක් නොනැගුණ බව ඔහු සදහන් කළේය
ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා 2015 ජනවාරි 08 වැනිදා පැවති තත්ත්වය අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 47 දෙනෙකු සිටි රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස වැඩ භාරගත් බව එහිදි සිහිපත් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *