සෞදියට සම්බාධක පනවන්න කල් ඕනා – අමෙරිකාව කියයි

Share Button

සෞදි අරාබියට සම්බාධක පැනවීම සඳහා කල්ගත වන බව අමෙරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝ      පවසයි.

පසුගියදා මාධ්‍ය වේදී ජමාල් කෂෝගී තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළ දී ඝාතනය කෙරිණ. මේ සම්බන්ධයෙන්  සෞදියට සම්බාධක පනවන මෙන් තුර්කිය අමෙරිකාවෙන් ඉල්ලා සිටියේය.

තුර්කියේ එම ඉල්ලීමට පිළිතුරු ලබාදුන් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා     ප්‍රකාශ කළේ ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් තහවුරු කර ගැනීමට තවත් සාක්ෂි අවශ්‍ය බවයි. එහෙත් සෞදියට විරුද්ධව සම්බාධක පැනවීමට හැකිවනු ඇති බවටද අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා අදහස් පළ කළේය.

නමුත් සෞදිය සමඟ  පවත්වන ආර්ථික සම්බන්ධතා මුළුමනින්ම අත්හිටුවීම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

සෞදි අරාබිය අමෙරිකාවේ විශාලතම අවි ගැනුම්කරුයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *