ඵලදායී ආර්ථික කළමනාකරණය තුළින් රට ගොඩ ගන්න පුළුවන් – නාලක ගොඩහේවා

Share Button

 

ඵලදායී ආර්ථික කළමනාකරණය තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවිය හැකි බව ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විකාශනය වූ “ දිශානතිය“ (2018.11.02) වැඩසටහනට අදහස් දක්වමිනි.

ඕනෑම රටක කොටස් වෙළෙඳපොළ කියන්නේ ආර්ථිකයේ කැඩපත කියල කතාවක් තියෙනවා. සාමාන්‍යයෙන් රටක ආර්ථීකය කියන්නේ මොකක්ද කියල ඒකෙන් පෙන්නනෙ. ඒ වගේම රටේ ව්‍යාපාරිකයන් , ආයෝජකයන් තුළ රටේ ආර්ථිකය පිළිබඳව තියෙන විශ්වාසය. 2015 දී ඉදන් මේ වන තුරු ලංකාවේ කොටස් වෙළෙඳපොළ ක්‍රමානුකූලව කඩාගෙන වැටුණු ආකාරය අපි දුටුව. සමස්ත වෙළෙඳපොළ දර්ශකය 7,300 සිට 5,800 දක්වා කඩාගෙන වැටුණා.

අපි දකිනවා මහින්ද රාජපක්ෂ මහතා අගමැති වශයෙන් පත් වුණාට පස්සේ කොටස් වෙළෙඳපොළේ ධනාත්මක වර්ධනයක් දක්නට ලැබුණා. ඊයේ එතුමා මුදල් අමාත්‍යාංශයේ වැඩ බාර ගත්තට පස්සේ කොටස් වෙළෙඳපොළහි ඉතාම ඉහළ වර්ධනයක් දක්නට ලැබුණා.

මෙහිදී රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීමට හැකියාවක් ඇත්දැයි දිශානතිය වැඩසටහනින් අවධානය යොමු කර තිබුණා.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහළ වැටීම කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථීකය අව කළමනාකරණය වීම නිසා සිදු වූ දෙයක්. විශේෂයෙන් ආනයන අපනයන අතර තිබෙන වෙළෙඳපොළ පරතරය වැඩිවෙනවා ඩෙලරයට තියෙන ඉල්ලුද වැඩි වෙනකොට. ඒක කොටස් වෙළෙඳපොළ වෙනසක් සිද්ධ වුණා වගේ එකවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.

ආයෝජකයන් තුළ විශ්වාසය ඇති වු පමණින් ඩොලරය කඩා වැටීම් නවත්වන්න බැහැ. ඒකට යම් යම් වැඩසටහන් ක්‍රියාත්මක කරන්න වෙනවා. අපේ අපනයන විදේශ  සංචිත වැඩි කර ගන්න , අපේ ආනයන වියදම් අඩු කර ගන්න හැකි බවට මට සෑහෙන විශ්වාසයක් තියෙනවා.

ආර්ථික කළමනාකරණය පිළිබඳව වැඩි අවබෝධයක් තියෙන , මීට පෙරත් එය කරපු මහින්ද රාජපක්ෂ මහතා ආර්ථික කළමනාකරණය අතට ගත්ත නිසා  නුදුරු දිනකම මෙය කළමනාකරණය කර ගන්න හැකියාවක් තිබෙනවා.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ක්‍රමානූකූලව වැඩි කර ගන්න අපට පුළුවන් වෙනවා ඵලදායී ආර්ථීක කළමනාකරණය තුළින්.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *