මහකන්නයේ වගාවට හිගයකින් තොරව පොහොර ලබාදීමට පියවර

Share Button

මෙවර මහ කන්නයේ වී වගාව ඇතුඵ අනිකුත් වගාවන්ට අවශ්‍ය පොහොර වර්ග හිගයකින් තොරව මිලදී ගැනීමට ගොවි ජනතාවට අවස්ථාව සලසන ලෙසට අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

මෙවර මහකන්නය සදහා අවශ්‍ය යුරියා ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් තිස්හත්දහස් පන්සියයකට ත්‍රිත්ව සුපිරි පොහොර මෙට්ට්‍රික් ටොන් එක්ලක්ෂ පනස් දහසක් අවශ්‍ය වන අතර අවශ්‍ය නියුරේට් ඔෆ් පොටෑෂ් ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් හතලිස් හය දහසකි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ප්‍රකාශයට පත් කළ පරිදි යුරියා පොහොර කිලෝග්‍රූම් 50 ක මල්ලක් රුපියල් 500 කට ද සෙසු පොහොර කිලෝග්‍රූම් 50 ක මල්ලක් රුපියල් දහසකට ද ලබාදීමට තීරණය කර ඇත.

එම තීරණය හේතුවෙන් පොහොර සදහා ඉල්ලුම ඉහල යාහැකිය. ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර වැඩපිළිවෙල ක්‍රියාවට නංවන්නැයි කෘෂිකර්ම අමාත්‍යංශයේ අද පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා අදාල නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *