ඉන්දීය අගමැතිවරයාට ඉහළ ජනතා ප්‍රසාදයක්

Share Button

ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයෙන් අගමැති නරේන්ද්‍ර මෝදී මහතා යළි තේර් පත්වෙනු ඇතැයි සමීක්‍ෂණයකින් හෙලිවෙයි. ඉන්දීය මාධ්‍ය ආයතනයක් සහ නීල්සන් ඉන්දීය ආයතනය එක්ව එම සමීක්‍ෂණය සිදුකර තිබේ.

සමීක්‍ෂණයේදී ලක්‍ෂ 54 කගේ මතය විමසනු ලැබීය. එහිදී සියයට 63 ක්ම ප්‍රකාශ කර ඇත්තේ වත්මන් අගමැතිවරයා යළි තේරී පත්වනු ඇති බවයි. කොංග්‍රස් පක්‍ෂ නායක රහුල් ගාන්ධි මහතාට පක්‍ෂව මත පලකර ඇත්තේ සියයට 17 ක් පමණි. කෙසේ වෙතත් මෙම සමීක්‍ෂණ ප්‍රතිඵල කොංග්‍රස් පක්‍ෂය ප්‍රතික්ෂේප කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *