පාර්ලිමේන්තු නව සැසිවාරය ලබන 16 වැනිදා-එදිනට බහුතරය පෙන්වීමට නව රජය සූදානම්

Share Button

ලබන 16 වනදා පාර්ළිමේන්තුව රැස්වන විට මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් රජය බහුතරය පෙන්වීමට සූදානම් බව සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයේ රැස්වීමක් අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්විණ. ඇමති මණ්ඩලයේ අමාත්‍යවරු 15 දෙනෙක් රාජ්‍ය අමාත්‍යවරු අට දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු අට දෙනෙක් මේ් වන විට දිවුරුම් දී සිටිති. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජාතික ආණ්ඩුවක් නොවන අවස්ථාවකදී කැබිනට් අමාත්‍යවරු තිස් දෙනෙකු පත් කල හැකිය. රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 40 කට සිමා විය යුතු වේ. ඒ අනුව තවත් කැබිනට් ඇමති ධූර පහළොවක් පුරප්පාඩුවී පවතී. රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යධූර 24 ක පුරප්පාඩු පවතී.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ සභානායක ධුරයට පත්කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ඊට සම්බන්ධ සියලු පක්ෂ හා කණ්ඩායම් ඒකමතිකව තීරණය කර ඇත. එම පත්කිරීම පිලි නොගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය කියයි. එම පක්ෂය වෙනුවෙන් ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති කණ්ඩායමක් සිදුකල එම පත්කිරීම ව්‍යවස්ථා විරෝධී බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *