දිපවාලි උත්සවය සදහා වතුකම්කරුවන්ට රුපියල් දසදහසේ දිමනාවක්

Share Button

දිපවාලි උත්සවය සදහා වතුකම්කරුවන්ට රුපියල් දසදහසේ දිමනාව ලබාදෙන බව හාම්පුතුන්ගේ සම්මේලනය පවසයි. ඒ සදහා වතු ුසමාගම් 22 කම කැමැත්ත පළ කර තිබෙන බව එම සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක වීරසිංහ මහතා පවසයි. ඇතැම් සමාගම් මේ වන විටත් එම ගෙවිම ආරම්භ කර තිබේ. සෙසු සමාගම් ද දිපවාලි උත්සවයට පෙර එම දිමනාව ලබා දෙන බව අප කළ විමසුමකදි හෙතෙම පැවසිය. රජයේ වතු සමාගම් දැනටමත් එම දීමනාව ගෙවා අවසන් බව ඔහු සදහන් කළේය.
මේ සම්බන්ධව අප කළ විමසුමකදි වතු ඒකාබද්ධ වෘත්තිය සමිති සමුහයේ ප්‍රධාන ලේකම් එස් රාමනාදන් මහතා පැවසුවේ වතු සමාගම් ගත් එම පියවර අගය කරන බවයි. මේ ආකාරයට වතු සමාගම් සමග සාකච්ඡාකර වතු සේවක වැටුප් ප්‍රශ්ණය විසදා ගැනිමට අපේක්ෂා කරන බවද ඔහු කිය. ඒ සදහා රජය සහ වතු සමාගම්වල නියෝජිතයන් සමග ඉදිරි දින කිහිපයේදී සාකච්ඡා කිරිමට සුදානම් බව රාමනාදන් මහතා පැවසිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *