Share Button

ඉරානයට එරෙහිව ඇමරිකානු සම්බාධක පැනවීමේ දෙවන අදියර අද සිට ක්‍රියාත්මකයි. මෙම දැඩි සම්භාධක හේතුවෙන් ලෝක දේශපාලන වේදිකාවේ ඉරාන භූමිකාව වෙනස් කරගැනීමට සිදුවනු ඇතැයි ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ විශ්වාසය පළ කරයි. සම්බාධක පැනවීමේ පළමු අදියර ඉරානයේ මෝටර්රථ නිෂ්පාදන ක්ෂේත්‍රයට අදාලව පසුගිය අගෝස්තු මාසයේදී ක්‍රියාවට නැංවිණි. දෙවන අදියර යටතේ එරට ඉන්ධන හා මූල්‍ය ක්ෂේත්‍රයේ පුද්ගල චරිත හා සමාගම් 600 කට අධික සංඛ්‍යාවකට සම්බාධක පැනවීමට නියමිතය.

ඇෆ්ගනිස්ථානයේ උරුශ්ගාන් පළාතේ තරින්කොට් නගරයේ පිහිටි රජයේ හමුදා කඳවුරක් තලෙයිබාන් සටන්කරුවන්ගේ යටතට පත් වෙයි. මෙම කඳවුර අත්පත් කරගැනීමේ සටනේදී රජයේ ආරක්ෂක අංශ සාමාජිකයන්ද මරණයට පත්ව ඇති නමුත් ඒ පිළිබඳ නිශ්චිත තොරතුරු මෙතෙක් වාර්තා වී නැත. සටන සිදුවන අවස්ථාවේදී ආරක්ෂක අංශ සාමාජිකයන් විසි පස් දෙනෙකු සහ පොලිස් නිලධාරීන් රෑඳී සිටි බවට තොරතුරු පළ වේ. කඳවුරේ පිහිටි රථවාහන සහ අවි ආයුධ පැහැරගැනීමට ත්‍රස්තවාදීන්ට හැකි වී තිබේ. මේ වන විට රටේ භූමියෙන් සියයට 50 ක ප්‍රමාණයක් තලෙයිබාන් සංවිධානය විසින් අත්පත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2030 වසර වන විට සිය දෛනික ඛනිජ තෙල් නිෂ්පාදනය බැරල් මිලියන 5 දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඔටුන්න හිමි කුමරු අබුඩාබි ෂෙයිහ්ක් බෙන් ශයිද් අල් නහයියාන් කියා සිටී. ඒ සඳහා රජය අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන දැරීමට සූදනම් බවද ඔහු කියා සිටී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *