මොරගහ කන්ද කලුගග වාරි ව්‍යාපෘතියේ ජල මට්ටම වර්ෂාවත් සමග සියයට 65 ක ප්‍රමාණයක් පිරි අවසන්

Share Button

කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය යටතේ මෙරට ඉදිවන අවසන් මහවැලි යෝජනා ක්‍රමය වන මොරගහ කන්ද කලුගග වාරි ව්‍යාපෘතියේ ජල මට්ටම වර්ෂාවත් සමග සියයට 65 ක ප්‍රමානයක් පිරි අවසන් වී තිබේ.

එළඹෙන ජනවාරි මස වන විට එය සම්පුර්ණයෙන්ම පිරි යනු ඇතැයි මොරගහ කන්ද ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරින් යූ එල් දයානන්ද මහතා පැවසීය.

වරෂාව අඩු නියං කාලයේ වුවද කිසිඳු බාධාවකින් තොරව යළ මහ කන්න වගා කිරීමට මොරගහ කන්ද ජලාශය හරහා අවස්ථාව සැලසේ.

සම්පුර්ණ ව්‍යාපෘතිය මගින් කුඹුරු අක්කර අනුපන්දහසකට ජලය ලබාදිය හැකිය. මිරිදිය මත්ස්‍ය කර්මාන්තය. විදුලිබලය. සංචාරක කර්මාන්තය වැනි අතුරු කර්මාන්ත ද මෙම ව්‍යාපෘතිය හරහා ආරම්භ වී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *