අවහිර වී තිබු දුම්රිය මාර්ග යථා තත්ත්වයට

Share Button

අවහිර වී තිබු උඩරට,  කැලණිවැලි   සහ  ප්‍රධාන දුම්රිය මාර්ගවල දුම්රිය ධාවනය  යථා තත්ත්වයට පත් කර ඇතැයි පාලක මැදිරිය පවසයි.

හීල්ඔය සහ ඇල්ල අතර ප්‍රදේශයේ දී පස්කන්දක් මාර්ගයට කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ඊයේ (05) රාත්‍රියේ සිට දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වු අතර පස් කන්ද ඉවත් කිරීමෙන් අනතුරුව බණ්ඩාරවෙල දක්වා සීමා කර තිබූ  එම  මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට  යථා තත්ත්වයට පත් කර තිබේ.

වේයන්ගොඩ සහ පොල්ගහවෙල අතර දුම්රියක ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ  අද (06) පෙරවරුවේ සිට දුම්රිය ගමනාගමනයට බාධා සිදුවිය.

කැළණිවැලි දුම්රිය මාර්ගයේ කොට්ටාව සහ හෝමාගම අතර ප්‍රදේශයේ දී  දුම්රියක්  කාර්මික දෝෂයකට  ලක් වීමෙන් එම මාර්ගයේ ද දුම්රිය ගමනාගමනය ඇණ හිට තිබිණ.

මේ වනවිට එම මාර්ගවල දුම්රිය ධාවනය    යථා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *