NLB ප‍්‍රාර්ථනා, සජීවී අත්දැකීම විඳගන්න ඔබත් එන්න

Share Button

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ  City Fm නාලිකාව  ජාතික ලොතරුයි මණ්ඩලය සමඟ අත්වැල් බැඳ ගනිමින් පවත්වන “ NLB ප්‍රාර්ථනා“  සංගීත වැඩසටහන මේ මස 07 වැනිදා සවස 4.00ට  ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ  කුමාරතුංග මැදිරියේ දී පටිගත කෙරේ.

ශ්‍රාවක ප්‍රජාවට උසස් රස වින්දනයක් ලබා දීම මෙහි අරමුණයි.

ප්‍රවීණ ගායන ශිල්පිනියක වන විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්  මහත්මියේ හඬින් ගැයෙන ගී  පද ප්‍රවීණ ගීපද රචක බන්දුල නානායක්කාරවසම් මහතා විසින් අර්ථ විවරණය කරනු ලබයි.

“NLB ප‍්‍රාර්ථනා“  සඳහා සත්සර මුසු කරන්නේ සංගීතවේදී නාලක අංජන කුමාර ප්‍රමුඛ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා වාද්‍ය වෘන්දය  විසිනි.

අනුෂ්ක අනුරංග බණ්ඩාර මෙහෙයවන NLB ප‍්‍රාර්ථනා වැඩසටහන  සුගන්ධි කාංචනා විසින් නිෂ්පාදනය කරනු ලබයි.

නොවැම්බර් මස 07 වැනිදා පටිගත කරනු ලබන මෙම වැඩසටහන මේ මස 11 වැනිදා උදෑසන 08.00 ට Fm 89.6 , 89.8  සංඛ්‍යාත ඔස්සේ City Fm මඟින් විකාශනය කෙරේ.

සුභාවිත සංගීතයේ රස මිහිර සොයන්නන්ට වසර අවසානයේ දී  පිදෙන තිළිණයක් බඳු වු  “NLB ප‍්‍රාර්ථනා“  සංගීත සැදෑව  නරඹන්නට පැමිණෙන මෙන් NLB ප‍්‍රාර්ථනා නිෂ්පාදක මණ්ඩලය ඔබට  ආරාධනා කර සිටියි.

 

 

 

 

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *