එංගලන්තය හමුවේ ශ්‍රිී ලංකා මුල් පෙළේ පිතිකරුවෝ අසාර්ථක වෙති

Share Button

එංගලන්තයත් ශ්‍රීී ලංකාවත් අතර ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. මුලින් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 342 කට ප්‍රථම ඉනිම නිමා කළේය. බෙන් ෆෝක්ස් ප්‍රථම ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 107 ක් රැස් කළේය. පන්දු යැවීමේ දී දිල්රුවන් පෙරේරා කඩුලු 5 ක් බිඳ හෙලීය. ශ්‍රිී ලංකා පිල දිවා භෝජනය සදහා තරගය නතර කරන විට සිය ප්‍රථම ඉනිම සදහා කඩුලු 4 ක් දැවී ලකුණු 42 ක් ලබා අසිරු තත්ත්වයක පසුවිය.

2018 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ජාතික ගුවන් විදුලිය විකාශනය කරන අවස්ථාවේ ශ්‍රාවකයින්ගෙන් අසන ලද පැනයට කෙටි පණිවිඩ මගින් නිවැරදි පිළිතුරු දුන් අයගෙන් තෝරා ගත් ජයග්‍රාහකයාට ත්‍යාගය පිරිනැමීම අද පෙරවරුවේ ශ්‍රීී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේදී සිදු කෙරුනි. ජයග්‍රාහකයා වුයේ පොල්ගහවෙල නව කොළඹ පාරේ පදිංචි ආර් ජී ටියුඩර් ප්‍රේමරත්න මහතාය. මේ සදහා කෙටි පණිවිඩ 822 ක් ලැබී තිබුණි. ඉන් 755 ක් නිවැරදි පිළිතුරු එවු ඒවාය. අධ්‍යක්ෂ ජනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි මහතා අතින් ත්‍යාගය ප්‍රදානය කෙරුනි.
ඉන්දීය පිතිකරු රෝහිත් ෂර්මා තම ජීවිතයේ තවත් සන්ධිස්ථාන 2 ක් කරා ළගා වෙයි. ඒ අනුව ඕවර් 20 යි 20 ජාත්‍යන්තර තරගවලදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ඉන්දීය ක්‍රීඩකයා බවට ඔහු ඊයේ පත් විය. ඔහු මේ වනවිට ලකුණු 2203 ක් රැස් කර ගෙන සිටී. විරාත් කෝලි මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ලකුණු 2101 ක් රැස් කරමිනි.

කෙසේ වුවත් ලෝකයේ ඕවර් 20 යි 20 ජාත්‍යන්තර තරගවලදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කර ඇත්තේ නවසීලන්තයේ මාටින් ගප්තිල්ය. ඔහු මේ වනවිට ලකුණු 2271 ක් රැස් කර ගෙන තිබෙ.් මීට අමතරව ඕවර් 20 යි 20 තරගවලදී වැඩිම ශතක සංඛ්‍යාවක් වාර්තා කර ඇත්තේ රෝහිත් ෂර්මාය. ඔහු මේ වනවිට ශතක 4 ක් රැස් කර ගෙන සිටී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *