ශ්‍රි ලංකා එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයේදි එංගලන්ත පන්දු යවන්නෝ තරගය සියතට ගනිති

Share Button

ශ්‍රි ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. පළමු ඉනිම සඳහා පන්දුවට පහර දුන් ශ්‍රි ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 203 ක් ලබා ගත්තේය.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 52 යි. දිනේෂ් චන්දිමාල් ලකුණු 33 යි. නිරෝෂන් දික්වැල්ල ලකුණු 28 යි. අද පස්වරුවේ තරගයේ පාලනය සියතට ගැනිමට එංගලන්ත පන්දු යවන්නෝ සමත්වුහ. මොයින් අලි කඩුලු 4 ක් බිඳ හෙළීය.

අදිල් රසීඩ් සහ චක් ලීච් කඩුලු 2 බැගින් බිඳහෙළිමට සමත්වුහ. එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 342 ක් ලබා ගත්තේය. බෙන් ෆෝක්ස් ලකුණු 107 යි. දිල්රුවන් පෙරේරා එංගලන්ත කඩුලු 5 ක් බිඳහෙළීය සුරංග ලක්මාල් කඩුලු 3 ක් බිඳහෙලීමට සමත්විය.

දිනය නිමා වන විට දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙන එංගලන්ත කණ්ඩායම කිසිවෙකු හෝ නොදැවී ලකුණු 38 ක් ලබා සිටියේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *