නව රජයේ ඇමතිවරුන් පත්කිරීම ලබන බදාදාට පෙර අවසන්

Share Button

නව රජයේ ඇමතිවරුන් පත්කිරිම ලබන බදාදාට පෙර අවසන් කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති මහින්ද සමරසිංහ මහතා කියයි. පාර්ලිමේන්තු මහලේකම්වරයා ඊට අනුකූලව පාර්ලිමේන්තුවේ ආසන පනවනු ඇත.
ලබන බදාදා නීත්‍යානුකූලව හා ව්‍යවස්ථානුකූලව ස්ථාවර නියෝගවලට අනුව පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වනු ඇතැයි මාධ්‍ය හමුවට එක්වු රාජ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රි එස් බී දිසානායක මහතා පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රිවරයා රජයට එක්කර ගැනිම සඳහා ඔහුට මුදල් දිමට තැත් කල බවට පවතින ප්‍රචාර පිළිබඳව මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහින්ද සමරසිංහ ඇමතිවරයා පැවසුවේ එවැන්නක් සිදුවී ඇත්නම් පාලිත රංගෙබන්ඩාර මන්ත්‍රිවරයාට පොලිසියේ පැමිණිල්ලක් කල හැකි බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *