නව කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරු කිහිප දෙනෙක් දිවුරුම් දෙති

Share Button

මීට සුළු මොහොතකට පෙර  කැබිනට් අමාත්‍යවරු  දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පස්දෙනෙක් දිවුරුම් දී තිබේ.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේ දී නව අමාත්‍යවරුන් සිය අමාත්‍ය ධූරයන්හි දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

අද (08) දිවුරුම් දුන් අමාත්‍යවරුන්ගේ නම් පහත දැක්වේ.

කැබිනට් අමාත්‍යවරුන්,

බන්දුල ගුණවර්ධන මහතා – ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය
සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය

රාජ්‍ය අමාත්‍යවරුන්,

සී.බී රත්නායක මහතා – ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය
සාලින්ද දිසානායක මහතා  – දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය
ලක්ෂමන් වසන්ත පෙරේරා මහතා – ජාත්‍යන්තර වෙළඳාම සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
එස්.එම්.චන්ද්‍රසේන මහතා – සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය
අනුර ප්‍රියදර්ශන යාපා මහතා – මුදල් රාජ්‍ය අමාත්‍ය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *