දියවැඩියාව නිට්ටාවට සුව කළ නොහැකි රෝගයක් බව විශේෂඥ වෛද්‍යවරු පවසති.

Share Button

දියවැඩියා රෝගය නිට්ටාවට සුවකළ නොහැකි බව කායික විශේෂඥ වෛද්‍යවරු අවධාරණය කරති. දියවැඩියාව සුව කළහැකි බවට ඇතැම් පිරිස් පුවත්පත්වල දැන්වීම් පලකරමින් කරන ප්‍රකාශ මුඵමනින්ම අසත්‍ය බව ඔව්හු අවධාරණය කරති.

කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන හා කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය චන්ද්‍රිකා විජේරත්න යන මහත්ම මහත්මීහු ඒ බව සදහන් කළහ.

එවැනි පුවත්පත් දැන්වීම්වලට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මේ වනවිට කරුණු අධ්‍යනය කරමින් සිට්ී. එම ප්‍රකාශවලට මුලා වු පිරිස් ඒවායේ පිහිට පතා ගොස් රෝගය අසාධ්‍යවීමෙන් පසුව යළිත් බටහිර ප්‍රතිකාර සොයා පැමිණෙන බව ඔව්හු පැවසුහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *