ඉදිරි මාස කිහිපය තුළ පළාත්සභා මැතිවරණය පැවැත්වීම අරමුණ බව මහින්ද අමරවීර ඇමතිවරයා කියයි.

Share Button

ඉදිරි මාස කිහිපය තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීම රජයේ අරමුණ බව ඇමති මහින්ද අමරවීර මහතා කියයි. නව අගමැතිවරයා හා ඇමති මණ්ඩලය පත්කිරීම මුඵමනින්ම ව්‍යවස්ථානුකුලව සිදුකර තිබේ. කථානායකවරයා මේ අවස්ථාවේ ව්‍යවස්ථාවට පටහැනි ආකාරයෙන් කටයුතු කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව ඇමතිවරයා පැවසුවේ කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද පෙරවරුවේ පැවැති උත්සවයකට එක්වෙමිනි. දිවයිනපුරා කොස්පැල ලක්‍ෂ 5 ක් රෝපණය කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කිරීම නිමිත්තෙන් එම උත්සවය පැවැත්වුණි. කෘෂීකර්ම අමාත්‍යංශය ක්‍රියාත්මක කර ඇති අපි වවලයි අපි කන්නේ කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩපිළිවෙල යටතේ දිවයිනපුරා කොස්පැල දසලක්‍ෂයක් රෝපණය කිරීමේ ව්‍යාපෘතියේ තවත් අදියරක් ලෙස එය ක්‍රියාත්මක කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *