නව රජයක් පිහිටුවීමේ තීරණය ජනාධිපතිතුමා ජනතාව වෙනුවෙන් ගත් බුද්ධිමත් තීරණයක් බව අවධාරණය කෙරේ

Share Button

නව රජයක් පිහිටුවීමේ ජනාධිපතිතුමාගේ තීරණය දේශපාලනඥයෙකු වශයෙන් රට හා ජනතාව වෙනුවෙන් ගත් බුද්ධිමත් ත්ීරණයක් බව ආචාර්ය ගාමිණි සමරනායක මහතා කියයි. පැවැති රජය ජනතාවට දුන් ප්‍රතිඥා ඉටුනොකර වෙනත් න්‍යාය පත්‍රයකට අනුව ක්‍රියාකළේය.

එමනිසා ජනාධිපතිතුමාට එවැනි තීරණයක් ගැනීමට සිදුවු බව ජාතික ගුවන් විදුලියේ සුභාරතී වැඩසටහනට අද පෙරවරුවේ එක්වෙමි්න් ඔහු පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂය නොගැලපෙන එකමුතුවක් විය. පසුගිය මස 26 වැනිදා ජනාධිපතිතුමා ගත් තීරණයෙන් එතුමාගේ දේශපාලන පරිනතභාවය මනාව පිළිබිඹු විය. ජාත්‍යන්තරයට වඩා රටේ දේශපාලනයට ප්‍රමුඛත්වය දෙමින් එතුමා එම තීරණය ගෙන තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ දේශපාලන අර්බුදයක් පවතින ඕනෑම අවස්ථාවක රජය විසුරුවා හැරීමේ බලය ජනාධිපතිතුමා සතුබව වැඩසටහනට එක් වු ජනාධිපති නීතීඥ ආචාර්ය ජයතිස්ස ද කොස්තා මහතා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *