උතුරේ හිටපු ප්‍රධාන ඇමති ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයෙන් ඉල්ලා අස්වෙයි

Share Button

උතුරු පළාතේ හිටපු ප්‍රධාන ඇමති සී. වී. විග්නේෂ්වරන් මහතා ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයෙන් ඉල්ලා අස්වෙයි. ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතාට භාරදී තිබේ.

විග්නේෂ්වරන් මහතා මේ වනවිට නව දේශපාලන පක්ෂයක් පිහිටුවාගෙන තිබේ. තමා උතුරේ දේශපාලනයෙන් සමු නොගන්නා බව සේනාධිරාජා මහතා සමග පැවති හමුවේදී වින්නේෂ්වරන් මහතා සදහන් කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *