පසුගිය රජයේ ආර්ථික ප්‍රතිපත්තිය නිසා රටේ ආර්ථිකය බිඳ වැටුණා – මුදල් රාජ්‍ය ඇමති පෙන්වා දෙයි

Share Button

ජනතාවට සහන සලසමින් රටේ බිඳ වැටුනු ආර්ථිකය ස්ථාවර කිරීමට රජය කැපවන බව මුදල් රාජ්‍ය ඇමති අනුර ප්‍රියදර්ශන යාපා මහතා කියයි. දේශිය කර්මාන්තකරුවන්ට සහන සලසමින් ආර්ථිකය ගොඩනැංවීම රජයේ අරමුණයි. එක්සත් ජාතික පක්ෂයේ දුර්වල ආර්ථික මෙහෙයවීම හේතුවෙන් ග්‍රාමීය ආර්ථිකය මුඵමනින්ම බිඳ වැටිනි.

සුඵ පරිමාන ව්‍යාපාරිකයන් හා කර්මාන්තකරුවන් මත අසිමිත බදු පැනවීම හේතුවෙන් ඔවුන්ගේ ව්‍යාපාර අඩාල විය. එක්සත් ජාතික පක්ෂය ලෝකයෙන්ම ප්‍රතික්ෂේප වු නව ලිබරල්වාදි ආර්ථික ප්‍රතිපත්ති රට තුළ ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීම හේතුවෙන් රටේ ආර්ථිකය බිඳ වැටුනු බව රාජ්‍ය ඇමතිවරයා පැවසුවේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *