පාර්ලිමේන්තුවේ රජයට අවශ්‍ය බහුතර බලය සකස්කර අවසන් – ඇමති එස්. බී. දිසානායක

Share Button

එක්සත් ජාතින්ගේ මහ ලේකම්වරයාගේ ඉල්ලීමට ගරු කරමින් දින දෙකකට පෙර පාර්ලිමේන්තුව කැදවීමට ජනාධිපතිතුමා තීරණය කළ බව ඇමති එස්. බී. දිසානායක මහතා කියයි. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳව පෙන්වා දුන්නේය.

රජයට පාර්ලිමේන්තුවේ අවශ්‍ය බහුතර බලය සකස්කර අවසන්ය. අවශ්‍ය අවස්ථාවේ එය පෙන්විය හැකිය. ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තු සැසිවාරය කල්දැමු ඉතිහාසයේ පලමු අවස්ථාව මෙය නොවන බව එස්. බී. දිසානායක ඇමතිවරයා පෙන්වා දුන්නේය. ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා හත්වතාවක් ද . රණසිංහ ප්‍රේමදාස මැතිතුමා සිව්වතාවක් ද. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය පස්වතාවක් ද. මහින්ද රාජපක්ෂ මැතිතුමා පස්වතාවක් ද පාර්ලිමේන්තුව කල්දමා තිබේ.

අඩුම වතාවක් කල්දමා ඇත්තේ වත්මන් ජනාධිපතිතුමායි. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හා මහින්ද රාජපක්ෂ මැතිතුමා ශක්තිමත් රජයක් ගොඩනංවා තිබේ. එය අඛණ්ඩව පෙරට යන බව පැවසු එස්. බී. දිසානායක ඇමතිවරයා දැනට ප්‍රමාදවී ඇති පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන බවද සදහන් ක

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *