වතු කම්කරුවන්ගේ වැටුප් ප්‍රශ්නයට ඉදිරි දින කිහිපය තුල විසඳුම්

Share Button

වතු කම්කරුවන්ගේ වැටුප් ප්‍රශ්නයට ඉදිරි දින කිහිපය තුල විසඳුම් ලබාදෙන බව රාජ්‍ය ඇමති වඩිවේල් සුරේෂ් මහතා පවසයි. බත්තරමුල්ල පිහිටි සිය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීවේය.

කම්කරුවන්ගේ වැටුප් ප්‍රශ්නය පිළිබඳව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවලින් පසු ඒ සඳහා කමිටුවක් පත්කෙරිණ. මෙම කමිටුවේ සාමාජිකයන් ඉදිරියේදී හාම්පුතුන්ගේ සම්මේලනය හමුවී සාකච්ඡා පැවැත්විමට නියමිත බව වඩිවේල් සුරේෂ් මහතා සඳහන් කලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *