අනිද්දා සිට වැසි තත්ත්වයේ අඩුවීමක් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

Share Button

දිවයිනට නිරිත දෙසින් පවතින අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතී. ඒ හේතුවෙන් දැනට උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල පවතින වැසි තත්වයේ අඩු වීමක් නොවැම්බර් මස 11 දින සිට බලාපොරොත්තු වනබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි ඇති වේ.

බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යමසහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක.

උතුරු සහ උතුරු-මැද පළාත්වල තරමක ශීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැක.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් තත්ත්වයක් ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

 දිවයිනට නිරිත දෙසින් පවතින අඩු පීඩන කලාපය ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතී. නමුත් මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, දිවයිනට නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශවල දැනට පවතිනවැසි තත්ත්වය සහ අහස වලාකුලින් බර ස්වභාවය තවදුරටත් අපේක්ෂා කෙරේ.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැක.

පොතුවිල් සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය සහ පුත්තලම හරහා හලාවත දක්වා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර සෙසු මුහුදු ප්‍රදේශවල සුළං වයඹ සිට නිරිත දක්වා වන දිශාවලින් හමා එයි.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කී.මී. 30-40 පමණ වේ. මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60දක්වා වැඩිවිය හැක. එවිට එම මුහුදු ප්‍රදේශ රළු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති  වන අවස්ථාවලදී  සුළං වේගය ක්ෂණිකව (පැ.කි.මී. 70-80 පමණ) ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතී.

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *